ඉන්ධන බවුසරයක් පුපුරා යයි - 10ක් මරුට
සයුරෙන් එතෙර

ඉන්ධන බවුසරයක් පුපුරා යයි - 10ක් මරුට

December 25, 2022   11:37 am

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ද්‍රව පෙට්‍රෝලියම් වායුව ප්‍රවාහනය කරමින් තිබූ අදාළ රථයේ වායු ගබඩාකරණ ටැංකිය පුපුරා ගොස් තිබේ.

එම අවස්ථාවේ වායු ටැංකියේ ද්‍රව පෙට්‍රෝලියම් වායු ලීටර් 60,000ක් පමණ ගබඩාකර තිබු බව විදෙස් වාර්තා පැවසීය.

මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ජොහැන්නස්බර්ග් සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදී ඇත.