මහේල ජයවර්ධන තීරණයක් ගනී

මහේල ජයවර්ධන තීරණයක් ගනී

December 6, 2022   05:12 pm

මහේල ජයවර්ධන ලොව ප්‍රමුඛ ක්‍රිකට් පුහුණුකරුවෙකි.

මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ "කාර්ය සාධන ලෝක ප්‍රධානියා" ලෙස කටයුතු කරයි.

එසේම ඔහු එංගලන්ත "හන්ද්‍රඩ්" තරගාවලියේ "සදර්න් බ්‍රේව්" කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කරයි.

එහෙත් මුම්බායි ඉන්දියන්ස් සතු MI Emirates සහ MI Cape Town වැනි කණ්ඩායම් සඳහා ද ඔහුගේ දායකත්වය දිය යුතු බැවින් ඔහු සදර්න් බ්‍රේව් කණ්ඩායමේ වගකීම්වලින් ලබන වසරේ ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි.