කොළඹ සැරිසැරූ ATM කාඩ් හොරා දැලේ

කොළඹ සැරිසැරූ ATM කාඩ් හොරා දැලේ

November 28, 2022   03:27 pm

විවිධ පුද්ගලයින්ගේ ATM කාඩ්පත් සොරකම් කර බැංකු ගිණුම්වලින් මුදල් සොරකම් කළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොම්පේ කපුගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

බම්බලපිටිය පොලීසියට ලද පැමිණිලි 2කට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් සැකකරු ATM යන්ත්‍ර හරහා සොරකම් කරන ලද කාඩ්පත් භාව්ත කර මුදල් ලබාගන්නා අවස්ථාවල CCTV දර්ශන උපයෝගී කරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ සැකකරු මෙලෙස රුපියල් ලක්ෂ 4කට අධිකාර මුදලක් වංචා කර ඇති බවය.

අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද ATM කාඩ්පත් 10ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 06 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

බම්බලපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.