අකුණු සැර වැදී අඹු-සැමි යුවළක් මරුට

අකුණු සැර වැදී අඹු-සැමි යුවළක් මරුට

November 16, 2022   12:48 pm

නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටියදී අකුණු සැර වැදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

එසේ මියගොස් ඇත්තේ, නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේම පදිංචි ජේ. එම්. සුමිත්‍රා අතපත්තු නමැති 38 හැවිරිදි කාන්තාවකි.

නවගත්තේගම පොලිස් වසමේ කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට පසුගිය 13වනදා අකුණු සැර වැදී තිබුණි.

ඉන් එක් පුද්ගලයෙකු ගල්ගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

එසේ ජීවිත්කෂයට පත්වී තිබුණේ මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත ඒකකයේ සේවය කළ කිරිමාටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි ඩබ්. එම් සුජිත් කුමාර නමැති එක්දරු පියෙකි. 

පසුගිය 13 වනදා සවස් කාලයේ කුඹුරේ බිම් සකස් කරමින් සිටිය දී මෙලෙස අකුණු සැර වැදී ඔවුන් අනතුරට පත්වී තිබුණි.