රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය

November 14, 2022   04:37 pm

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැය මගින්  යෝජනා කර තිබේ.

එහි පළමු අදියර ලෙස ජාතික සහ මූලික රෝහල්වල එම ක්‍රමය ස්ථාපනය කිරීමට යෝජනා කර තිබුණි.  

එසේම කුරුණෑගල, බදුල්ල සහ පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීමට ද මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ.