බදු ආදායම වැඩිකෙරෙන්නේ මෙහෙමයි

බදු ආදායම වැඩිකෙරෙන්නේ මෙහෙමයි

November 14, 2022   03:06 pm

2023 අයවැය මගින් බදු ආදායම වැඩිකිරීම සඳහා විවිධ පියවර යෝජනා කර තිබේ.

සිය මංගල අයවැය ඉදිරිපත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 2019 බදු කප්පාදුව මගින් සිදුවූ ආදායම් අහිමිවීම නිවැරදි කිරීම සඳහා අවශ්‍ය යෝජනා 2023 අයවැය යෝජනාවලියේ අඩංගු බවය.

ඒ සඳහා VAT වැඩිකිරීම වැදගත් බව අයවැය යෝජනාවලියේ දැක්වෙයි.

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම තුළින් මුදල් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට අවස්ථාව ලැබෙතැයි සඳහන් ය.