කුඹුරු වැඩ කරමින් සිටි තිදෙනෙකුට අකුණු සැර වැදෙයි

කුඹුරු වැඩ කරමින් සිටි තිදෙනෙකුට අකුණු සැර වැදෙයි

November 14, 2022   07:16 am

නවගත්තේගම පොලිස් වසමේ කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි පුද්ගලයෙකුට අකුණු සැර වැදී මියගොස් තිබේ.

එමෙන්ම එම ස්ථානයේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට ද අකුණු සැර වැදී තිබුණු අතර ඔවුන් ගල්ගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

අකුරණු සැර වැදීම හේතුවෙන් මියගොස් ඇත්තේ, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත ඒකකයේ සේවය කරනු කිරිමාටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි ඩබ්. එම් සුජිත් කුමාර නැමති එක්දරු පියෙකි. 

මියගිය පුද්ගලයා තම බිරිඳ සහ තවත් කාත්තාවක් සමග ඊයේ (13) සවස් කාලයේ කුඹුරේ බිම් සකස් කරමින් සිටිය දී මෙලෙස අකුණු සැර වැදී අනතුරට පත්ව ඇත.

අනතුරට පත්වූ අය 1990 ගිලන් රථයකින් ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී පිරිමි පුද්ගලයා මියගොස් තිබුණි.

රෝහල්ගත කළ අය අතර සිටින මියගිය පුද්ගලයාගේ බිරිඳගේ තත්ත්වය බරපතළ බවත් ඇය පිළිස්සුම් තුවාල ලබා ඇති බවත් ගල්ගමුව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය විමර්ශන සිදුකරයි.