රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් නිදහස් කරයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් නිදහස් කරයි

November 11, 2022   02:18 pm

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන සිද්ධියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී සිටි 06 දෙනෙකු නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

නලිනි ශ්‍රීහරන්, රවිචන්ද්‍රන්, මුරුගන්, රොබට්, ජයකුමාර් සහ සාන්තන් යන විත්තිකරුවන් මෙලෙස නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

1991 වසරේ මැයි මස 21 වනදා රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වුණි.

සිද්ධියට අදාළව චෝදනා එල්ල වූ විත්තිකරුවන් 7 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවී තිබූ අතර ඉන් එක් විත්තිකරුවෙකු වන පෙරාරිවාලන් නමැත්තා පසුගිය මැයි මාසයේ නිදහස් කෙරුණි.