එරෝෆ්ලොට් නැවත පැමිණෙයි

එරෝෆ්ලොට් නැවත පැමිණෙයි

October 10, 2022   10:52 am

රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අද (10) යළි ආරම්භ කළේය.

පසුගිය ජූනි මස 02 වැනිදා මෙරටට පැමිණි රුසියානු එරෝෆ්ලෝට් ගුවන් යානයක් අධිකරණ නියෝගයක් මත යළි දිවයිනෙන් පිටත්වීම වළක්වාලීමත් සමග ඇති වූ මතභේදය හේතුවෙන් එම ගුවන්සේවය දිවයිනට පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.

ඉන් අනතුරුව එම ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අද යළි ආරම්භ කළේ මාස 4කට පමණ පසුවය.

ඒ අනුව රුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගීන් 252 කු සමග අද පෙරවරු 10.03ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් විසින් රුසියානු ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පිළිගනු ලැබීය.

එරෝෆ්ලෝට් කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් මෙලෙස අද සිට යළි ආරම්භ කිරීමත් සමඟ ඔක්තෝබර් මාසය තුළ සඳුදා සහ සිකුරාදා වශයෙන් සතියකට ගුමන් ගමන් දෙකක් ක්‍රියාත්මක වේ.

නොවැම්බර් මාසයේ සිට සඳුදා, බදාදා, සිකුරාදා වශයෙන් සතියට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.