කැලණියේදී අන්තරේට කඳුළු ගෑස්

කැලණියේදී අන්තරේට කඳුළු ගෑස්

October 4, 2022   04:39 pm

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනකට අද (04) කැලණිය දළුගම ප්‍රදේශයේදී පොලීසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

පාගමන සංවිධාන කර තිබුණේ අත්අඩංගුවට ගෙන ඇති වසන්ත මුදලිගේ ඇතුළු පිරිස නිදහස් කරන ලෙස ඉල්ලමිනි.

විරෝධතා පාගමන කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අද පස්වරු 4ට පමණ ආරම්භ කෙරුණි.

විරෝධතාව හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පැයකට ආසන්න කාලයක් වාහන ගමනාගමනයට බාධා එල්ලවුණි.

පසුව කැලණිය දළුගම ප්‍රදේශයේදී පොලීසිය පිරිස විසුරුවාහැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

එහිදී, පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව පිරිස සරසවි මාර්ගයට පැමිණ රැලියක් පැවැත්වීමට පියවර ගත්තේය.