අමෙරිකාවේ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

අමෙරිකාවේ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

October 3, 2022   10:27 pm

අමෙරිකාවට බලපෑ Ian සුළි කුණාටු තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80ක් ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ. 

පසුගිය සතියේ ෆ්ලෝරිඩා වෙරළ තීරය හරහා Ian සුළි කුණාටුව රට තුළට ඇතුල්විය.

සුලි කුණාටුවේ බලපෑමෙන් එරට විදුලි රැහැන් පද්ධතියට සහ මාර්ග පද්ධතියට ද දැඩි බලපෑම් එල්ලවී තිබුණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඒවා යථා තත්වයට පත්කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවය.

මේ අතර තවදුරටත් ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල සෝදිසි කිරීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයින්ඩන් සුළි කුණාටු තත්වයෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බලපෑමට ලක්වූ ප්‍රදේශවල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.