ශ්‍රීලනිපයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රීලනිපයෙන් විශේෂ නිවේදනයක්

October 3, 2022   07:06 am

යෝජිත ජාතික සභාවට සහභාගී වීමෙන් වැළකි සිටීමට තීරණය කළ සියලු දේශපාලන පක්ෂ වෙත තම අචාරය පුදකර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුව හා ජාතික සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

මෙහිදි ඔවුන් පෙන්වාදී ඇත්තේ යෝජිත ජාතික සභාව නියෝජනය කරමින් වැළකී සිටිමට නිදහස් පක්ෂය තීරණය කළද මෙරට ජාතියේ යහපත සහ සුරක්ෂිතතාව වෙනුවෙන් ආණ්ඩුව ගනු ලබන ඕනෑම සාධනීය ප්‍රතිපත්තිමය තීරණයක දි පටු දේශපාලන වාසී නොතකමින් විපක්ෂයේ සිට කටයුතු කරන බවය.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.