ෂින්සෝ අබේ ට ජනපති අවසන් ගෞරව දක්වයි

ෂින්සෝ අබේ ට ජනපති අවසන් ගෞරව දක්වයි

September 27, 2022   04:33 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්විය.

ලොවපුරා බොහෝදෙනෙකු අතර අතිශය ජනප්‍රිය කීර්තිමත් රාජ්‍ය නායකයෙකු වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඉකුත් ජුලි 08 වනදා නාරා හි වීථියක දේශනයක් පවත්වමින් සිටියදීය වෙඩි ප්‍රහාරයකට ලක්වුණි.

මියයන විට 67 වන වියේ පසුවූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු අද (27) සිදුකෙරේ.