විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක්

විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක්

September 23, 2022   10:30 am

විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම සඳහා හැකිවන ලෙස නව විකාශන නීතියක් හඳුන්වා දීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.

මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම අරමුණු කරගනිමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අධිකරණ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව අදාළ අමාත්‍ය මණ්ඩලය අනුකමිටුව පත්කර තිබේ.