යුක්‍රේනයේ සිටි ශ්‍රී ලාංකිකයින් ට මොකද වෙන්නේ ?

යුක්‍රේනයේ සිටි ශ්‍රී ලාංකිකයින් ට මොකද වෙන්නේ ?

September 20, 2022   03:09 pm

යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ දී රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස මුදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වාත් යුක්‍රේන රජය නිල ප්‍රකාශයක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දී නොමැති බව වාර්තා වේ.

"අද දෙරණ" විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ, තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් සොයාබලමින් සිටින අතර අද (20) දිනයේ දී මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ලැබෙනු ඇති බවට විශ්වාසය පළකරන බවය.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස දැනටමත් ශ්‍රී ලංකා රජය යුක්‍රේන රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද විදේශ කටයුතු ය සඳහන් කළේය.

කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු මුදාගත් බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇති බව පසුගියදා එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

රුසියානු හමුදා විසින් අදාළ ප්‍රදේශය අත්පත් කරගත් පසුගිය මාර්තු මාසයේ සිට එම ශ්‍රී ලාංකිකයින් පිරිස රඳවාගෙන සිට ඇති බවට යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ඇති බව මීට දින කිහිපයකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේය.