මාස 11කට පසු කොටුවූ ඝාතකයා

මාස 11කට පසු කොටුවූ ඝාතකයා

September 19, 2022   12:01 pm

කිලිනොච්චිය, පරන්තන්, ශිවපුරම් ප්‍රදේශයේදී 2021 නොවැම්බර් 16 වනදා පුද්ගලයෙකු කැත්තකින් කපා ඝාතනය කළ සැකකරුවෙකු මාස 11කට පසුව ඊයේ (18) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පොලීසිය පැවසූවේ පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා රාත්‍රියේ පරන්තන්, ශිවපුරම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මුත්තයියා කේදීශ්වරන් නමැති  පුද්ගලයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදි සැකකරු අත්අඩංගුවට ගත් බවය.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු පවුල් ආරවුලක් මත අදාළ ඝාතනය සිදුකොට ඇති බව මුලික විමර්ශනයන්ගෙන් අනාවරණය වී තිබුණි.

සැකකරු ඝාතනය වෙනුවෙන් යොදාගත් කැත්තද පොලිසිය විසින් සොයාගෙන තිබු අතර ඝාතනයෙන් අනතුරුව සැකකරු කලක් සැඟව සිට ඇති බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.