ජනපති බ්‍රිතාන්‍යය ට

ජනපති බ්‍රිතාන්‍යය ට

September 17, 2022   07:23 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ, අභාවප්‍රාප්ත වූ දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමටය.

අද (17) අලුයම 3.15ට පමණ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරනු ලබන ප්‍රථම නිල විදේශ සංචාරය මෙය වන බව වාර්තා වේ.

දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වනදා සිදුකිරීමට නියමිතය.

අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන  20 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.