තහනම් වල්නාශක පැකට් කර අලෙවි කළ තරුණයා

තහනම් වල්නාශක පැකට් කර අලෙවි කළ තරුණයා

September 15, 2022   08:55 am

රජය විසින් තහනම් කර ඇති වල්නාශක තොගයක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (14) මැදවච්චිය පොලිස් වසමේ මෛත්‍රීපුර ජල පොම්පාගාරය අසල දී එම වැටලීම සිදුකර ඇත.

එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයා 22 හැවිරිදි උපුල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා සතුව තිබී Anu 71 (Ammonium Salt of Glyphosate 71%sg) වර්ගයේ තහනම් වල්නාශක ග්‍රෑම් 100 බැගින් අඩංගු පැකට් 500ක් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබේ.

එම වල්නාශක තොගය තීරුබදු නොගෙවා මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද ඒවා බව විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැදවච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.