මැලේරියාව ට තිත

මැලේරියාව ට තිත

September 8, 2022   02:59 pm

ලොවම වෙනස් කළහැකි මැලේරියා එන්නතක් එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් දියුණුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට එම එන්නත 80% සඵල බව තහවුරු වී ඇති අතර එම එන්නත ලබන වසරේ එම එන්නත මිනිසුන්ට ලබාදීමට නියමිතය.

එහි මිල ඉතා අඩු බවත් මේ වනවිට එන්නත් මාත්‍රා මිලියන 100ක් නිෂ්පාදනය සඳහා ඇණවුම් ලැබී තිබේ.

විශේෂයෙන් අප්‍රිකානු මහාද්වීපයේ දරුවන් විශාල පිරිසක් මැලේරියා වැළඳීමෙන් වාර්ෂිකව මරණයට පත්වන අතර විද්‍යාඥයින් පවසන්නේ එය වළකා ගැනීමට නව එන්නත මහෝපකාරී විය හැකි බවය.

වාර්ෂිකව මැලේරියා රෝගීන් මිලියන 229ක් ලොව පුරා හඳුනාගැනෙන අතර ඉන් 94%ක් ම වාර්තාවන්නේ අප්‍රිකානු මහද්වීපයෙනි.

එසේම වාර්ෂිකව 400,000කට අධික පිරිසක් මැලේරියාව හේතුවෙන් මියයති.