වැවේ සැඟවුණු අභිරහස - පුද්ගල මළ සිරුරක් සොයාගනී

වැවේ සැඟවුණු අභිරහස - පුද්ගල මළ සිරුරක් සොයාගනී

September 4, 2022   03:14 pm


උයන්වත්ත, වැවේ රාජගම තොටුපොළ ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත සිදුකළ සොදිසි කිරීමකදී එම මළසිරුර සොයාගත් බව පොලීසිය පවසයි.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 45 - 55ක් පමණ වන අයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර අද (04) උදෑසන උයන්වත්ත වැව් ඉවුරේ තිබී හිමිකරුවෙකු නොමැති පිරිමි පුද්ගලයෙකුගේ ඇඳුම් පැළඳුම් සහ පාවහන් යුගලක් හමුවූණු බව බණ්ඩාරගම පොලීසිය සඳහන් කළේය.

වැවේ දිය නාමින් සිටි තරුණයන් පිරිසක් විසින් පිරිමි පුද්ගලයෙකුගේ බඳ පටියක් සහිත දුඹුරු පාටට හුරු කලිසමක්, කළුපාටට හුරු කමිසයක්, අළු පාටට හුරුරෙදි බෑගයක්, පාවහන් යුගලක් හා හිස් මත්පැන් බෝතලයක් වැව් ඉවුරේ තිබෙනු දැක බණ්ඩාරගම පොලීසියට කරන ලද දැනුම් දැනුම්දීමක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය කියා සිටියේය.

තොටුපළ ආසන්නයේ දී සොයාගත් මළ සිරුර එම ඇඳුම් පැළඳුම්වල හිමිකරුගේ බවට පොලීසිය සැකකරයි.