ලක්ෂ 53 කප්පමකට තරුණයෙක් ව පැහැර ගෙන

ලක්ෂ 53 කප්පමකට තරුණයෙක් ව පැහැර ගෙන

August 27, 2022   09:36 pm

වත්තල, හැඳල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් අසළදී 21 හැවිරිදි තරුණයෙකුව ඔහුගේ සුඛෝපභෝගී ජීප් රථයද සමග පැහැරගෙන ගොස් තිබුණි.

එම ජීප් රථය ජා -ඇල සාප්පු සංකීර්ණයක් අසල දමා යන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

පොලීසිය පැවසුවේ ව්‍යාපාරිකයෙකු වන පියාගෙන් කප්පම් මුදලක් ලබාගැනීමේ අරමුණින් මෙම තරුණයාව පැහැරගෙන ගොස් ඇති බවය.

අදාළ තරුණයා මුදාහැරීම සඳහා රුපියල් ලක්ෂ 53ක මුදලක් කප්පම්කරුවන් ඉල්ලා තිබේ.

පසුව එම පියා ඒ සම්බන්යෙන් පොලීසිය දැනුවත්කර කප්පම්කරුවන් කියූ පරිදි මුදල් ඔවුන්ගේ බැංකු ගිණුමකට බැරකර තිබේ.

පසුව පැහැරගත් තරුණයාව ත්‍රීරෝද රථයකින් ගෙනැවිත් බැස්සවීමට යාමේදී පොලීසිය සැකකරුවන් දෙදෙනෙක් ව අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ මුදල් බැර කෙරූ සැකකරුවන්ගේ බැංකු ගිණුම අත්හිටුවා සිදුකළ මෙහෙයුමේ දී තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.
 
කෙසේවෙතත් මෙම පැහැර ගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති සහ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය පවසයි.