ළහිරු අධිකරණය ට

ළහිරු අධිකරණය ට

August 25, 2022   12:57 pm

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති ළහිරු වීරසේකර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ගොස් තිබේ.

2017 වර්ෂයේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී තිබු නඩුවකට අදාළව ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට එලෙස අධිකරණයට ගොස් ඇත.

මේ අතර සමාජ ක්‍රියාකාරිකයෙකු වන අසංක අබේරත්න යන අය ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ භාරවී තිබේ.

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුට කැඳවීමක් සිදුකර තිබූ බව වාර්තා වේ.

මේ අතර බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකුට පහරදීමේ සිදුවීමකට ඊයේ (24) දහවල් කාලයේ කිව්පාර ප්‍රදේශයේ දී කොම්පඤ්ඤවීදිය පොලිසියේ අත්අඩංගුවට පත් අරගල ක්‍රියාකාරි සේනාධි ගුරුගේ අද දහවල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.