කණ්ඩලම වැවේ නාඳුනන පිරිමි මළ සිරුරක්

කණ්ඩලම වැවේ නාඳුනන පිරිමි මළ සිරුරක්

August 24, 2022   03:03 pm

දඹුල්ල කණ්ඩලම වැවේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.

අදාළ පුද්ගලයා වයස අවුරුදු 35ට වැඩි අයෙකුගේ බවට පොලීසිය සැකපළ කරයි.

අද (24) පස්වරුවේ පොලීසියට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

අදාළ පුද්ගලයාගේ බවට සැක බඳ පටියක් සහ ඇඳුම් කිහිපයක් ද මළ සිරුර හමුවූ ස්ථානයට මීටර් 100ක් පමණ දුරින් තිබී හමුවී ඇත.

දඹුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.