හිටපු ජනපතිට යළි දිවයිනට පැමිණීමට ආරක්ෂාව දෙන්නැයි බැසිල් ජනපතිගෙන් ඉල්ලයි

හිටපු ජනපතිට යළි දිවයිනට පැමිණීමට ආරක්ෂාව දෙන්නැයි බැසිල් ජනපතිගෙන් ඉල්ලයි

August 18, 2022   09:29 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (18) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

ඒ, ජනාධිපති කාර්යාලයේදීය.

මෙහිදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබාදෙන බවය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සඳහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවද මෙම සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම එය බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම් ,රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි,නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක්  සහභාගී වී තිබේ.