අත්අඩංගුවට ගත් සරසවි සිසුන් ගණන ඉහළට

අත්අඩංගුවට ගත් සරසවි සිසුන් ගණන ඉහළට

August 18, 2022   08:56 pm

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (18) කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතා පාගමන අතරතුර අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පොලීසිය පවසන්නේ එම විරෝධතාවය අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවය.

විරෝධතාවය පාලනය කිරීම සහ විසුරුවා හැරීම සඳහා යුනියන් පෙදෙස ප්‍රදේශයේදී පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබුණි.

මෙම විරෝධතාවය අතරතුරදී අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද අත්අඩංගුවට පත්විය.