වසන්ත මුදලිගේ ට රැකවරණය දුන් පුද්ගලයාත් අත්අඩංගුවට

වසන්ත මුදලිගේ ට රැකවරණය දුන් පුද්ගලයාත් අත්අඩංගුවට

August 18, 2022   07:22 pm

පොලීසිය මඟහැර පළායමින් සිටියදී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් වසන්ත මුදලිගේ ව අද (18) අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබුවේ පිටකොටුව ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී ය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ අදාළ වරෙන්තුකරුට රැකවරණය දුන් පුද්ගලයෙක්වද අත්අඩංගුවට ගත් බවය.

එලෙස වරෙන්තුකරුට ආරක්ෂාව සපයමින් කටයුතු කර ඇත්තේ හලාවත පල්ලම වතුපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකි.