ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන රටවල් 03ක් සමග සාකච්ඡා කිරීමට යයි

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන රටවල් 03ක් සමග සාකච්ඡා කිරීමට යයි

August 18, 2022   06:05 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේදී ජපානයේ සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන වැඩි අවධානයක් යොමුවෙනු ඇති බව වාර්තා වෙයි.

ඊට සමගාමීව චීනය සහ ඉන්දියාව ඇතුළු ණය ලබාදෙන්නන් සමග ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ද සිදුකෙරෙනු ඇති බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ. 

රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, චීනය සහ ඉන්දියාව ඇතුලු ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති ප්‍රධාන රටවලට ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කරන්නැයි ආරාධනා කරන ලෙස ජපානයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙන බවය.