කොවිඩ් මරණ 5ක්

කොවිඩ් මරණ 5ක්

August 18, 2022   05:42 pm

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 5ක් අද (18) වාර්තා කර තිබේ.

එම මරණ අතරට කාන්තාවන් 03 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් අයත්ය.

මේ අතර අද දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 166කි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 668,663ක් බවය.