08 හැවිරිදි දරුවෙක් ව ඇළට විසිකළ ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

08 හැවිරිදි දරුවෙක් ව ඇළට විසිකළ ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

August 18, 2022   07:28 am

වයස අවුරුදු 08ක දරුවෙකු ඇළකට විසිකළ ග්‍රාම නිලධාරීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ පොල්ගහවෙල ප්‍රදේශයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගහවෙල, උඩපොළ ග්‍රාම නිලධාරීවරයාය. 

එහිදී එම දරුවා ඇළ ඉවුරක සිට අලියෙකු නාවන අයුරු බලා සිට ඇත.

පසුව එම ඉවුර ඔස්සේ බීමතින් පැමිණි අදාළ ග්‍රාම නිලධාරීවරයා දරුවා ඔසවා ඇළට විසිකර ඇති බව මූලික විමර්ශනවළදී හෙළිවී තිබේ.

මෙලෙස ඇළට විසිකර ඇති දරුවාගේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත.

54 හැවිරිදි වියේ පසුවන සැකකාර ග්‍රාම නිලධාරීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.