විමල්ගේ සභාපතිත්වයෙන් නව දේශපාලන සන්ධානයක්

විමල්ගේ සභාපතිත්වයෙන් නව දේශපාලන සන්ධානයක්

August 17, 2022   10:08 pm

විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, එහි සභාපතිත්වය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට හිමිව ඇති බවය.

විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ සතිපතා රැස්වීම අදත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.