ලාෆ්ස් ගෑස් නෞකාවක් හම්බන්තොට ට

ලාෆ්ස් ගෑස් නෞකාවක් හම්බන්තොට ට

August 16, 2022   03:32 pm

ගෑස් මෙට්‍රික් ටොන් 3,120ක් රැගත් නෞකාවක් අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

ඒ අනුව අදාළ ගෑස් තොගය මේ වනවිට ලාෆ්ස් පර්යන්තය වෙත ගොඩබාමින් පවතින බවද ලාෆ්ස් සමාගම සඳහන් කරයි.

ගෑස් පිරවීමේ කටයුතු ආරම්භ වූ වහාම පාරිභෝගිකයින් සඳහා මිලදී ගැනීමට හැකිවන පරිදි එම ගෑස් තොග වෙළෙඳපොළ වෙත කඩිනමින් නිකුත් කරන බවද අදාළ සමාගම පැවසීය.