තවත් මහා පරිමාණ ඉන්ධන ජාවාරමක්

තවත් මහා පරිමාණ ඉන්ධන ජාවාරමක්

August 15, 2022   01:09 pm

ඉන්ධන ජාවාරමේ නිරත වීම සඳහා රැගෙන යමින් තිබු පෙට්‍රල් ලීටර් 9,200ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් ආනමඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ එම පෙට්‍රල් තොගය බවුසරයකින් ලොරි රථයකට පැටවීමට උත්සාහ කිරීමේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවය.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ පෙට්‍රල් තොගය මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා භූමිතෙල් වෙනුවට භාවිත කිරීමට අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ බවය.

මේ අතර අද උදෑසන ‍නීති විරෝධී ලෙස පෙට්‍රල් ලීටර් 4,000ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පුත්තලම - කුරුණෑගල මාර්ගයේ කල්අඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ පුද්ගලයා ආණමඩුව ප්‍රදේශයේ සිට මන්නාරම දක්වා ලොරි රථයකින් පෙට්‍රල් තොගය ප්‍රවාහනය කරමින් සිටි බව පුත්තලම පොලීසිය පැවසීය.

සැකකරු 32 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට පෙට්‍රල් තොගය නීතීවිරෝධී ආකාරයෙන් ලබාදුන් බවුසර් රථය මෙලෙස ආනමඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ අනුව පොලිස් භාරයට ගෙන ඇති සමස්ත පෙට්‍රල් ප්‍රමාණය ලීටර 13,200ක් බව අප වාර්තාකරු පැවසීය.