සල්මන් රුෂ්ඩි ට ප්‍රහාරයක්

සල්මන් රුෂ්ඩි ට ප්‍රහාරයක්

August 12, 2022   10:26 pm

ප්‍රකට ගත්කතුවරයෙකු වන සල්මන් රුෂ්ඩි ට අමෙරිකාවේ නිව්යෝර්ක් හිදී ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ඔහු වේදිකාවක කතා කරමින් සිටිනවිට එක්වරම පුද්ගලයෙක් වේදිකාවට ගොඩවී ගත්කතුවරයාට පිහියකින් ඇන ඇති බවය.

'The Satanic Verses' නමැති කෘතිය රචනා කළ ඔහුට ස්ලාමීය සටන් කරුවන්ගෙන් නිතරම ජීවිත තර්ජන එල්ලවීය.

ඒ හේතුවෙන් ඔහු සැඟවුණු ජීවිතයක් ගත කළේය.

පිහිඇනුම හේතුවෙන් රුෂ්ඩි ගේ බෙල්ලට තුවාල සිදුවී ඇති අතර ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවී නොමැත.

පිහිඇනුම සිදුකළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.