කපුවා අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කළ පොලිස් නිලධාරීන් ගැන සොයනවා - අජිත් රෝහණ

කපුවා අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කළ පොලිස් නිලධාරීන් ගැන සොයනවා - අජිත් රෝහණ

August 12, 2022   08:44 pm

පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනා එල්ලවූ කපුවා අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කළ උසස් පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක් ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උණවටුන, මැටරඹ ප්‍රදේශයේ දේවාලයක කපුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) අත්අඩංගුවට ගත්තේය.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු දකුණු පළාතේ උසස්ම පොලිස් නිලධාරීන් රැසක් සැකකරු නිදහස් කරන්නැයි පවසමින් එම නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇති බව වාර්තා වී තිබුණි.