චීනය සහ දකුණු කොරියාව ගැටුමකට මුලපුරයි
සයුරෙන් එතෙර

චීනය සහ දකුණු කොරියාව ගැටුමකට මුලපුරයි

August 12, 2022   07:00 pm

අමෙරිකාව විසින් දකුණු කොරියාවට ලබාදුන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් හේතුවෙන් චීනය සහ දකුණු කොරියාව අතර මතගැටුමක් නිර්මාණය වී තිබේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ දකුණු කොරියානු රජය දිගුකාලීන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට තීරණය කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය උත්සන්න වී ඇති බවය.

දකුණු කොරියාවේ ස්ථාපිත කර ඇති අමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතිය මගින් සිය ගුවන් අවකාශය නිරීක්ෂණය කිරීමට හැකි බවට චීනය චෝදනා කරයි.