පෙරහැර මංගල්‍යය අවසන්

පෙරහැර මංගල්‍යය අවසන්

August 12, 2022   05:40 pm

2022 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය නිමා කළ බවට වන සංදේශය අද (12) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාරදුනි.

ඒ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ, ආචාර්ය්‍ය ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.

අවසන් රන්දෝලි මහා පෙරහැර ඊයේ (11) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කෙරුණි.