පාර්ලිමේන්තුව ඇරඹේ (සජීවී විකාශය)

පාර්ලිමේන්තුව ඇරඹේ (සජීවී විකාශය)

August 12, 2022   10:03 am

අද දින පාර්ලිමේන්තු රැස්වීම උදෑසන 10ට ආරම්භ විය.

එමෙන්ම පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ද අද පස්වරු 1.00ට රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබද කාරක සභාව ද පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.

මේ අතර ලබන 29 වන දින සිට පාර්ලිමේන්තු සභා වාරයන් උදෑසන 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.  

විදුලිබිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් විවාදය ලබන 29වන දින  පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු සදහන් කළේය.

අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දින හතරක විවාදයක් අගෝස්තු 30 වනදා ආරම්භ වීමට නියමිතය.

පාර්ලිමේන්තු සජීවී විකාශය ඉහළින්.