පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමට

පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමට

August 8, 2022   07:18 am

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සියලු පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයින්ට කැඳවීමක් සිදුකර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මඟින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි පුංචිහේවා මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ මෙම සාකච්ඡාවන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන අතර ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.