ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 24ක් මරුට
සයුරෙන් එතෙර

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 24ක් මරුට

August 7, 2022   03:42 pm

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේදී එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 24දෙනෙකු මියගොස් තිබේ.

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ සාමාජිකයින් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර අතරතුර අදාළ පිරිස මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මියගිය අය අතර ළමුන් 06 දෙනෙකු සහ සටන්කාමීන් කිහිපදෙනෙකු ද වන බව වාර්තා වේ.

පලස්තීනයේ සිට ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ඊශ්‍රායලය, පලස්තීනයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටී.