සර්ව පාක්ෂික කටු සූප්පු කරන ආණ්ඩු හදන්න බෑ - සජිත්

සර්ව පාක්ෂික කටු සූප්පු කරන ආණ්ඩු හදන්න බෑ - සජිත්

August 3, 2022   04:45 pm

ඇමති කටු සුප්පු කරන දේශපාලනයකට කිසිසේත්ම සූදානම් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාර්ලිමේන්තු නව සභාවාරය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් අද සිදු කරන ලද කතාව මහපොළොවේ යථාර්ථයත් වේ යැයි සිතන බවත් සර්ව පාක්ෂික රජයක් සහ පාර්ලිමේන්තු කමිටු හරහා රට නැවත නගා සිටුවීමේ වැඩසටහනට සවියක් වෙන්න විපක්ෂයක් ලෙස තමන් ඇතුළු පිරිස සූදානම් බවත්ය.

අදාළ ප්‍රකාශය ඉහළින්.