මැතිවරණය වසර දෙක හමාරකට පසුවයි - මනූෂ

මැතිවරණය වසර දෙක හමාරකට පසුවයි - මනූෂ

July 31, 2022   07:54 pm

පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහාමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බවත් යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා,

"ලෝකේ ඉල්ලපු දේශපාලන ස්ථාවරත්වය අද රටේ පාර්ලිමේන්තුව හරහා ලබාදීලා තියෙනවා. මේ ස්ථාවර රාජ්‍ය පවතින ආණ්ඩුව ඉදිරි අවුරුදු දෙකහමාර දක්වා ස්ථිරව ක්‍රියාත්මක වෙනවා. අවුරුදු දෙක හමාරකින් පස්සේ තමයි මැතිවරණයකට යන්නේ. මොකද රාජ්‍ය ස්ථාවර නැත්නම් ආර්ථිකය හදන්න බැහැ. දැන් රජය ස්ථාවරයි ආර්ථිකය හදන්න පුළුවන්"