QR කේතය අත්හදාබලන ඉන්ධන පිරවුම්හල්

QR කේතය අත්හදාබලන ඉන්ධන පිරවුම්හල්

July 23, 2022   08:01 am

අද (23) දින QR කේතය අනූව ඉන්ධන ලබාදෙන පිරවුම්හල් ප්‍රමාණය වැඩිකර තිබේ.

ඒ අනුව ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීමට අදාළ QR කේතය අත්හදා බැලීමේ පෙරහුරු වැඩසටහන් අදත්  ක්‍රියාත්මක වෙයි.

පසුගිය දින දෙක තුළ මෙම පෙරහුරු වැඩසටහන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් සිදුකර තිබුණි.

අද දිනයේ දිවයිනේ සියලු පළාත් ආවරණය කරමින් දිස්ත්‍රික්ක 25 තුළම QR කේතය අත්හදා බැලීමේ පෙරහුරු වැඩසටහන් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයක තෝරාගත් එක් ඉන්ධන පිරවුම්හලක මෙම ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීමට අදාළ QR කේතය අත්හදා බැලීමේ පෙරහුරු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මිලියන 03කට අධික පිරිසක් මේ වනවිට ලියාපදිංචි වී ඇති අතර ලබන සඳුදා සිට එම බලපත්‍රය අනුව ඉන්ධන නිකුත් කෙරෙන බව සඳහන් වෙයි.

මේ අතර වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට අදාළව ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

යතුරුපැදි සඳහා රුපියල් 1,500ක් ද, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2,000ක් ද, අනෙකුත් රථ වාහන සඳහා රුපියල් 7,000ක් ද වන පරිදි ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.

මෙම ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙල ලබන 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර නියමිත දිනයට අදාළ අංකය අනුව පෝලිම්වල රැඳී සිටිය ද ප්‍රමාණවත් තරම් ඉන්ධන තොඟ පිරවුම්හල් වෙත නොලැබන බවට පාරිභෝගිකයින් චෝදනා කරයි.

කෙසේවෙතත් පවතින දුර්වලතා හඳුනාගනිමින් ප්‍රමාණවත් පරිදි පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම කෙරෙහි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවදානය යොමුව ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය තුළ ඉන්ධන සංචිත ආරක්ෂා කරගනිමින් ඉදිරියේ දී පිරවුම්හලක් වෙත බෙදාහරින ඉන්ධන ප්‍රමාණය ඉහළ නැංවීමට අවදානය යොමුව ඇති බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ලබන සඳුදා වන විට ප්‍රමාණවත් පරිදි පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමට නියමිත බවද එහිදී වැඩිදුරටත් සඳහන් විය.

මේ අතර ප්‍රකාශයකට පත් කර ඇති ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයට පටහැනිව ක්‍රියාකරන ඇතැම් සංවිධානාත්මක පිරිස් පිළිබඳ අවදානය යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

එම ලැයිස්තුව මෙසේය...