ඉන්ධන අර්බුදය මැද සෞඛ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

ඉන්ධන අර්බුදය මැද සෞඛ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

July 7, 2022   04:49 pm

සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දිනය තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ.

පවතින අර්බුදය හේතුවෙන් සෑම සතියකම සිකුරාදා දිනයේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරිමේ වැඩසටහනක් හදුන්වාදී තිබුණි.

කෙසේවෙතත් උද්ගතව ඇති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එම වැඩසටහන ඉදිරි පැය 48 තුළ ක්‍රියාත්මක නොවන බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශ සඳහා ඉන්ධන නිකුත් කරන දිනය පසුව දැනුම්දෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.