නිධන් සොරකමේ ගිය 11ක් කොටුවෙයි

නිධන් සොරකමේ ගිය 11ක් කොටුවෙයි

July 3, 2022   11:04 am

උහන උදයගිරිය ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උහන පොලිසීයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් සතුව තිබී පූජා භාණ්ඩ ඇතුළු කැණීම් කිරීම සඳහා උපයෝගී කරගන්නා ලද උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 25ත් 67ත් අතර වයස්වල පසුවන උහන, රත්නපුර, තලවකැලේ, දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.

සැකකරුවන් අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර උහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.