IMF වෙතින් අලුත් ආරංචියක්

IMF වෙතින් අලුත් ආරංචියක්

June 30, 2022   02:34 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව පවතින දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට තම කැපවීම යළිත් තහවුරු කරන බව මෙරට සංචාරයක නිරත IMF දූත කණ්ඩායම පවසයි.

බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අවසානයේදී නිවේදනයක් නිකුත් කරමින් IMF දූත කණ්ඩායම මේ බව ප්‍රකාශ කර ඇත.

මේ අතර බලධාරීන් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සකස් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර ඔවුන් සමඟ සංවාදය දිගටම කරගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර ඇති බව ද මෙහිදී සඳහන් කර තිබේ.

අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකීය ජනතාව පත්ව ඇති පීඩාවන් සහ මුහුණදී ඇති දුෂ්කරතා තම කණ්ඩායමට දැකගතහැකි වූ බවද අදාළ නිවේදනයෙන් ඔවුන් පෙන්වා දී ඇත.

මෙරටට පැමිණි Peter Breuer සහ Masahiro Nozaki යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායමක් 2022 ජූනි 20 සිට 30 දක්වා මේ පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා සිදුකරනු ලැබීය.