විරෝධතාවයට එක්වූ ප්‍රදීප් චාල්ස් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

විරෝධතාවයට එක්වූ ප්‍රදීප් චාල්ස් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

June 29, 2022   02:40 pm

එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් ප්‍රදීප් චාල්ස් මහතා ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව "අද දෙරණ" වාර්තාකරු  පැවසුවේය.

ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව ඇති බව පවසමින් කොළඹ චැතම් වීදිය ප්‍රදේශයේදී ඔවුන් විරෝධතාවයේ නිරත වී තිබේ.

කොටුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් ප්‍රදීප් චාල්ස් මහතා ඇතුළු සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.