චැතම් වීදිය හා මල් පාර වැසෙයි

චැතම් වීදිය හා මල් පාර වැසෙයි

June 29, 2022   01:35 pm

කොල්ලුපිටිය, මල් පාර පොලීසිය විසින් වසාදමා ඇතැයි වාර්තා වෙයි.

සෞඛ්‍ය සේවකයින් පිරිසක් මේ වනවිට විරෝධතා පා ගමනකින් අගමැති කාර්යාලය වෙත ගමන්කරමින් සිටින බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර, චැතම් වීදියේ ද පොලිස් මාර්ග බාධක යොදා මාර්ගයක් වසා දමා තිබේ.

ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙන් මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දමා ඇත.