වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

June 29, 2022   01:27 pm

වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මොරටුව කටුබැද්ද මංසන්ධියේදී සිදුවූ වෙඩිතැබීමකින් එලෙස පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය. 

පසුගිය සති කිහිපය ඇතුළත නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 10 දෙනෙක් පමණ මරණයට පත්වී තිබේ.

පොලීසිය පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති ගැටුම් හේතුවෙන් එම වෙඩිතැබීම් සිදුකෙරෙන බවට සැකකරන බවය.