යතුරුපැදි හා ත්‍රීරෝද රථ සොරාගෙන කැබලි කර විකුණු සොරා - CCTV

යතුරුපැදි හා ත්‍රීරෝද රථ සොරාගෙන කැබලි කර විකුණු සොරා - CCTV

June 29, 2022   10:46 am

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගෙන ගොස් ඒවා කැබලි කර විකුණා හෙරොයින් පානයට පුරුදු වූ පුද්ගලයකු මත්තේගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස සොරා ගත් යතුරුපැදි හතරක් පොලීසිය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් මිලිග්‍රෑම් 5,500ක් සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

මත්තේගොඩ, මහරගම, දෙහිවල සහ කොට්ටාව යන ප්‍රදේශවලින් සොරා ගත් යතුරුපැදි මෙසේ සොයාගෙන ඇත.

එලෙස කොට්ටාව හා මත්තේගොඩ  ප්‍රදේශවලින් යතුරුපැදි සොරාගන්නා අයුරු ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.