කාසියේ වාසිය ශ්‍රී ලංකාව ට

කාසියේ වාසිය ශ්‍රී ලංකාව ට

June 29, 2022   09:37 am

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත් විය.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී පෙරවරු 10.00 ආරම්භවීමට නියමිතය.

එම තරගය ඇරඹීමට පෙර දිවියෙන් සමුගත් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ශේන් වෝන් අනුස්මරණ සඳහා කටයුතු සම්පාදනය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

මේ අතර මෙම තරගාවලිය වොන්-මුරලි කුසලානය ලෙස නම්කර ඇත.